උත්සව
සමයේ බිමත් රියැදුරන් නීතියේ රැහැනට කොටුකර ගන්නට විශේෂ මෙහෙයුමක් රට පුරා
ක්‍රියාත්මක කරන බව රථවාහන අංශය භාර නියෝජ්‍ය පොලිස්පති අමරසිරි සේනාරත්න
සඳහන් කළේය. බිමත් රියැදුරන් පරීක්ෂා කිරීමේ බැලුන් ඇති තරම් මේ වන විට
පොලීසියට ලැබි තිබෙන බවද ඔහු සඳහන් කළේය. එම බැලුන් රට පුරා පොලිස්
ස්ථානවල පිහිටි රථවාහන අංශ වෙත නිකුත් කරන්නට මේ වන විට පියවරගෙන ඇති බවද
ඔහු කීය. රියැදුරන් බිමත්ව රිය පැදවීම පාලනය කරගන්නටත්, රිය අනතුරු වළක්වා
ගන්නටත් මේ මෙහෙයුම දියත් වන බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
No comments:
Post a Comment