Wednesday, April 3, 2013

මීට පසු චෙන්නායි එන්න ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ක්‍රීඩකයන්ට ඉඩ දෙන්නේ නෑ - ජයලලිතා




 


ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ක්‍රීඩකයන් කිසිවකුට මින් ඉදිරියට චෙන්නායි ගුවන් තොටුපළට ගොඩබැසීමට ඉඩ නොදෙන බව තමිල්නාඩු මහ ඇමැතිනි ජයලලිතා ජයරාම් ප්‍රකාශකර ඇත. තමිල්නාඩු ද්‍රවිඩ මාධ්‍ය ඊයේ මේ සම්බන්ධව පැවසුවේ චෙන්නායිහි ලොයෙලා විදුහලේ සිසුන් චෙන්නායි ගුවන්තොටුපළ වැටලීමට සූදානම් වී ඇති බවයි.
මේ තර්ජනය සහ අවදානම නොතකා අයි.පී.එල්. තරගාවලියට සහභාගි වීමට ශ්‍රී ලාංකික ක්‍රීඩකයන් 11 දෙනකු තීරණය කර තිබූ අතර ඔවුන්ගෙන් වැඩි පිරිසක්‌ ඊයේ වනවිට නවදිල්ලි ගුවන්තොටුපළ හරහා ඉන්දියාවට ගොස්‌ තිබිණි.

මෙම ශ්‍රී ලාංකික ක්‍රීඩකයන්ට චෙන්නායි නුවරට පැමිණිමට ඉඩ නොදෙන බවට ජයලලිතා කළ ප්‍රකාශයට තමිල්නාඩු මාධ්‍ය කිසිදු ප්‍රතිචාරයක්‌ දක්‌වා නැතත් නවදිල්ලි මාධ්‍ය විසින් එය හෙළා දැක ඇත. සමස්‌ත ඉන්දීය ද්‍රවිඩ සංගමයද නවදිල්ලියේදීද ශ්‍රී ලංකාවට එරෙහිව විරෝධතා දැක්‌වීමට සැලසුම් කර තිබේ.

මේ අතර ඉන්දියාවේ අයි. පී. එල්. ක්‍රිකට්‌ තරගාවලියට සහභාගිවීමට තීරණය කර ඇති ශ්‍රී ලාංකික ක්‍රිකට්‌ කණ්‌ඩායම ගැන විදෙස්‌ගත ශ්‍රී ලාංකිකයන් රැසකගේ දැඩි නොසතුට පළවී ඇත.

No comments: