Monday, December 3, 2012

කිරුළපනෙන් අධිවේගයට ගුවන් පාරක්

දක්ෂිණ අධිවේගී මාර්ගයට පහසුවෙන් පිවිසීම පිණිස කිරුළපනේ සිට කොට්ටාව දක්වා ගුවන් මාර්ගයක් ඉදිකිරීමට සැලසුම් කර ඇතැයි වරාය හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය නිර්මල කොතලාවල මහතා  කීය.
මේ ගුවන් මාර්ගය දැනට පවතින හයිලෙවල් පාර මධ්‍යයේ ගුවන්මාර්ගයක් ලෙස මංතීරු දෙකකින් යුතුව ඉදි කෙරේ. අධිවේගී මාර්ග ඉදිකිරීමෙන් පසු ඇතිවූ දියුණුව සලකා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා විසින් මේ සංකල්පය ඉදිරිපත් කර ඇතැයි කී නියෝජ්‍ය ඇමැතිවරයා ගාලු පාර, හයිලෙවල් පාර හා බේස්ලයින් පාර යන මාර්ග තුනෙන්ම පිවිස නව ගුවන් මාර්ගයෙන් විනාඩි කිහිපයකින් කොට්ටාව පිවිසුමට ළඟා විය හැකි වන බව ද කීය.

No comments: