Friday, December 7, 2012

දෙසැ. 10වනදා සිට සත්වෝද්‍යාන සතියක්

දෙහිවල ජාතික සත්වෝද්‍යානය දෙසැම්බර් 10වනදා සිට 14වනදා දක්වා දින පහක් සත්වෝද්‍යාන සතිය ලෙස කම් කර ඇත.
ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජනරාල් අනුර ද සිල්වා මහතාලේ අදහසක් අනුව මෙය පැවැත්වේ.
ඒ අනුව මෙම සතියේ අරමුණ වන්නේ සත්වෝද්‍යානයේ සේවාවන්ගේ තත්ත්වය දියුණු කිරීම සහ අභිවෘද්ධිය  හා සේවකයින්ගේ මානසික තත්ත්වය ඉහළ දමා ඵලදායීතාවය ඉහළ නැංවීම සහ සතුන් පිළිබඳ නරඹන්නන්ගේ දැනුම වැඩිදියුණු කිරීමත් වේ.
දෙසැ. 10වනදා සත්ත්ව දිනය ලෙස නම් කර ඇත. කූඩු ගත කර ඇති සතුන්ගේ ක්‍රියාකාරකම් ඉහළ නැංවීම සහ නව අත්දැකීම් විඳ ගැනීමට ඉඩ ප්‍රස්ථාව සැලසීම, සතුන්ගේ සුබසාධනය වෙනුවෙන් කටයුතු කිරීම එදිනට නියමිත වැඩසටහන් වේ. දෙසැ. 11වනදා හරිත දිනය ලෙස නම් කර තිබේ. වෘක්ෂලතා පිළිබඳ දැනුම වැඩිදියුණු කිරීම සඳහා දේශන වැඩමුළු සහ තරඟ එදිනට සංවිධානය කර ඇත.
දෙසැ. 13වනදා ජලජ ජීවි දිනය වේ. මුහුදු සිංහ සංදර්ශන නව ආරකින් පැවැත්වීමටත් මින්මැදුරට නව මාළු විශේෂ කිහිපයක් හඳුන්වා දීමටත් ලංකාවට ආවේණික මසුන්, කොරල්පර සහ උභය ජීවීන් සංරක්‍ෂණය පිළිබඳ දැනුවත් කිරීමේ දේශන පැවැත්වීමත් එදිනට නියමිතව තිබේ.
එසේම 12වනදා අපේ දවස ලෙස නම් කර ඇති අතර සත්වෝද්‍යාන කාර්ය මණ්ඩල දිරිගැන්වීම, හොඳම සේවකයා තේරීම, දෙපාර්තමේන්තුවේ සේවය කර විශ්‍රාම ගිය නිලධාරීන්ගේ සුහද හමුව සහ ඔවුන්ගේ සේවය ඇගයීම එදිනට සිදු කෙරේ.
එසේම 13වනදා සතුටු දිනය ලෙස නම් කර තිබෙන අතර සත්වෝද්‍යාන සේවක සේවිකාවන් සහ ලොකු කුඩා නරඹන්නන් අතර විනෝදාත්මක වැඩසටහන් සහ විවිධ තරඟ, පැදුරු සංජ්ජයක් ද පැවැත්වේ.
සත්වෝද්‍යාන ඉතිහාසයේ මෙවැනි වැඩපිළිවෙලක් සංවිධානය වන ප්‍රථම අවස්ථාව ලෙසද මෙය සැලකේ.

No comments: