Monday, December 3, 2012

උණවටුනේ අද්භූත එළියක්‌ දිස්‌වේ

ගාල්ල උණවටුන එබරදුගහ හන්දිය ප්‍රදේශයේදී පෙරේදා (1 දා) රාත්‍රි 7.30 ට පමණ නිල්, කහ රතු ආලෝකයක්‌ සහිත මහා අද්භූත බෝලයක්‌ අහසේ සිට පොළවට පාත්වූ බව, ප්‍රදේශවාසීහු පවසති. එසේ පොළවට පාත් වූ ගිනි බෝලයක්‌ මෙන් ආලෝකය විහිදෙන මෙම අද්භූත ආලෝක ධාරාව, රූමස්‌සල කන්ද පැත්තෙන් ගොස්‌ නොපෙනී ගිය බව පැවැසේ. මෙම ගිනි බෝලය සහිත ආලෝකය විනාඩි ගණනාවක්‌ පොළවට මඳක්‌ ඉහළින් සැරිසරා ගමන් කර ඇති බව ද ගම්වාසීහු පවසති. මෙම අද්භූත ආලෝක ධාරාව විනාඩි පහක්‌ හයක්‌ සැරිසැරූ බවද ඔවුහු පවසති.
 

No comments: