Friday, December 7, 2012

විශ්‍රාමික හෙදිය මැරූ තිදරු පියට මරණ දඬුවම

රාත්‍රී ආහාරයට කෑම උයමින් සිටි විශ්‍රාමික හෙද නිලධාරිනියකට උල් කටුවකින් ඇන මරණය සිදු කිරීම පිළිබඳ මාතර මහාධිකරණයේ දීර්ඝ නඩු විභාගයකින් පසු වරදකරු වූ අයෙකුට මාතර මහාධිකරණ විනිසුරු ප්‍රියන්ත ද සිල්වා මහතා ‍ඊයේ (06) මරණීය දණ්ඩනය නියම කළේය. මරණ දඬුවම නියම වූයේ මාතර හිත්තටිය රොෂාන් ගාල්ලගේ (34) නම් තිදරු පියෙකුටය.

No comments: