Thursday, December 6, 2012

ගාලු කොටුවේ නිවාස 102ක් විදේශිකයන් මිලදී අරන්

ගාලු කොටුවේ පදිංචිකරුවන් මේ වන විට ගාලු කොටුවේ නිවාස එකසිය දෙකක් විදේශිකයන් විසින් මිලදීගෙන ඇතැයි ගාලු උරුමය පදනම කරනු ලැබූ සමීක්‍ෂණයකදී අනාවරණය වී තිබේ.


ගාලු කොටුවේ පෞද්ගලික නිවාස දෙසිය විසිතුනක් පවතින අතර ඉන් නිවාස එකසිය දෙකක් මෙසේ විදේශිකයන් විසින් මිලදීගෙන ඇතැයි මේ සමීක්‍ෂණයේදී හෙළිවී තිබේ.
ගාල්ල කොටුවේ නිවාසවලට විදේශිකයන්ගේ දැඩි ඉල්ලුමක් පවතින අතර ඉහළ මිලකට කොටුවේ තිබෙන තම නිවාස විකුණා දමා ගාල්ල නගරය ආශි්‍රතව කොටුවෙන් පිටත නිවාස ඉදිකර ගැනීමට බොහෝ දෙනකු පියවර ගෙන ඇතැයිද ගාලු උරුමය පදනම පවසයි.


විදේශිකයන් මිලදී ගන්නා මේ ගාලු කොටුවේ නිවාස හෝටල්, නිවාඩු නිකේතන ආදී වශයෙන් පවත්වාගෙන යන බව දක්නට ලැබෙන බවද ගාලු උරුමය පදනමේ සභාපති පරාක්‍රම දහනායක මහතා පවසයි.

පසුගිය 2009 වසරේ කරනු ලැබූ සමීක්‍ෂණයේදී ගාල්ල කොටුවේ පදිංචිකරුවන් එක්දහස් පන්සිය අසූනවයක් සිටි අතර මේ වසරේදී කරනු ලැබූ සමීක්‍ෂණයේදී පදිංචිකරුවන් සංඛ්‍යාව නවසිය හැට එක දක්වා පහත වැටී ඇතැයිද ගාලු උරුමය පදනමේ සභාපතිවරයා පෙන්වා දෙයි.

No comments: