Thursday, December 6, 2012

රිය අනතුරු බහුල වෙයි

ලෞකික සැප සම්පත්වලට ආලය ආදරයට මූලික වන සිකුරු මෙම මස 11 වන කුජදා ප.ව. 3.36ට යුද සෙන්පති ලෙස හඳුන්වන අඟහරුගේ වෘශ්චික රාශියට පිවිසෙයි. 2013 ජනවාරි 04 වැනිදා තෙක් මෙහි සැරිසරයි. සිකුරුට මෙය සම රාශියක් වුවත් අඟහරු කෘෘර ගති ඇති ගිනිකාරක ග්‍රහයෙකි.


එබැවින් මෙම කාලය තුළ රිය අනතුරු බහුල වන අතර ගුවන් අනතුරක්ද ඇතිවිය හැකිය. යෞවන වියේ පසුවන තරුණ තරුණියන්ගේ ප්‍රේම සබඳතා අවුල්වීම හේතුවෙන් සිය දිවි හානිකර ගැනීම්ද අසන්නට ලැබෙයි. මෙම කාලය තුළ උපේක්ෂා සහගතව සිතා බලා කටයුතු කිරීම කාටත් යහපත් වනු ඇත.


- ජේ‍යාතිෂවේදී සරත්චන්ද්‍ර බෝතලාගේ -

No comments: