Saturday, December 8, 2012

කිලෝමීටර් 932 ක් දිග පිරිත් නූලක්

ශ්‍රී ලංකාවාසීන්ට සෙත් පතා රතන සූත්‍ර දේශනාවෙන් බල ගැන්වූ කිලෝ මීටර් 932 ක් වු පිරිත් හුයක් වදුරඹ සිට යාපනය නාගවිහාරය දක්වා වූ මාර්ගයේ දෙසැම්බර් මස 12 අලුයම 12.12 (2012.12.12.12.12) සිට ස්ථානගත කිරීමට කටයුතු යොදා ඇත. සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍යාංශයේත් ජාතික සම්පත් පිළිබඳ ජ්‍යෙෂ්ඨ අමාත්‍යාංශයේ සහ එම අමාත්‍ය පියසේන ගමගේ මහතාගේ විශේෂ සහාය මත වදුරඹ මිහිඳු සමාජ සංවර්ධන කේන්ද්‍රය මේ පුණ්‍ය කටයුත්ත සංවිධානය කොට ඇත.

No comments: