Thursday, December 6, 2012

දරුවන්ට අලුත් වයිරස් රෝගයක්



මේ දිනවල පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් කොක්සටී නමැති වයිරසයක් ළමයින් අතර පැතිර යමින් පවතින බව ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පැවැසීය. එහි රෝග ලක්‍ෂණ ලෙස අතෙහි, කකුලෙහි සහ කටෙහි වතුර බිබිළි වැනි බිබිළි හටගන්නා අතර සමෙහි රතු ලපද ඇති වී දින තුනක් පමණ උණ ගැනී පවතී.

මේ වයිරසයේ කිසිදු අඩුවක් දක්නට නොලැබෙන බවත් එම වයිරසයේ යම් වර්ධනයක් දක්නට ලැබෙන බවත් හෙතෙම සඳහන් කෙළේය. මේ රෝගයෙහි බෝවීමක් දක්නට ඇති නිසා විශේෂයෙන්ම රෝගයට ගොදුරු වූ පාසල් දරුවන් රෝගය පාලනය වන තෙක් පාසල් නොයැවීමට කටයුතු කරන ලෙස මවුපියන්ගෙන් ඉල්ලා සිටියි.

රතු ලප වශයෙන් ඇතිවන කැළැල් රෝගය සුවීමත් සමඟ කළු පැහැයට හැරෙන අතර ජනතාව අනියත බියක් ඇතිකර නොගත යුතු බවත් දරුවන් නිරන්තරයෙන් පිරිසුදුව තැබීමට කටයුතු කළයුතු බවත් ඔහු සඳහන් කෙළේය.

No comments: