Friday, December 7, 2012

නළඟනගේ නයි පැටවා ඇයටම භාර දීමට උසාවියෙන් නියෝග

කොල්ලුපිටිය ක්‌යෝපැට්‌රා සමාජ ශාලාවේ නළඟනක ලෙස කටයුතු කළ නිරෝෂා විමලරත්න හෙවත් ඩිලානිට අයත් නයි පැටවා බැඳුම්කරයක්‌ මත ඇයට භාර දෙන ලෙස කොළඹ කොටුව මහෙස්‌ත්‍රාත් කනිෂ්ක විඡේරත්න මහතා දෙහිවල සත්වෝද්‍යාන අධ්‍යක්‍ෂවරයාට ඊයේ (6 දා) නියෝග කළේය.

ඇය සේවය කළ සමාජ ශාලාවේදී නයි පැටවා සිරුරේ දවටාගෙන සිටියදී සත්ව හිංසා පනත යටතේ කොල්ලුපිටිය පොලිසිය මගින් අත්අඩංගුවට ගැනීමෙන් පසු ඇයට අයත් නයි පැටවා මීට පෙර සත්වෝද්‍යානය භාරයට පත් කර තිබිණි.

පසුගිය අගෝස්‌තු මාසයේදී ඇය අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කෙරුණු අතර එහිදී සත්ව හිංසා පනත යටතේ ඇයට එරෙහිව ඉදිරිපත් කෙරුණු චෝදනා ප්‍රතික්‍ෂේප කරන බව අධිකරණය හමුවේ ඊයේ (6 දා) ඇගේ නීතිඥවරු සඳහන් කළහ.

මෙම නඩුව ජනවාරි 10 වැනිදා යළි කැඳවීමට නියමිතය.

No comments: