Friday, February 22, 2013

හිරුණිකා පේ‍්‍රමචන්ද්‍ර මෙනෙවිය ඝාතන තැතක් ගැන විමර්ශණ

ඝාතනය කරන ලද ජනාධිපති උපදේශක හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී භාරත ලක්‍ෂමන් පේ‍්‍රමචන්ද්‍ර මහතාගේ දියණිය වන හිරුණිකා පේ‍්‍රමචන්ද්‍ර මෙනෙවිය මරා දැමීමට කුමන්ත‍්‍රණයක් කලේ යයි සති අත්න පුවත්පතක පළවූ ප‍්‍රවෘත්තියක් සම්බන්ධයෙන් ඇය විසින් කර ඇති පැමිණිල්ලක් මත විමර්ශන සිදු කරන බවට කොළඹ අපරාධ කොට්ඨාස නුගේගොඩ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් අධිකරණයට දැනුම් දී තිබේ.

තමා මරා දැමීමට කුමන්ත‍්‍රණයක් කර ඇති බවට පසුගිය වසරේ (2012) අපේ‍්‍රල් මස 22 වැනි දා සති අන්ත පුවත්පතක ප‍්‍රධාන ශීර්ෂය යටතේ පළ වූ ප‍්‍රවෘත්තියකින් මිතුරකු මඟින් දැන ගැනීමට හැකි වූ බවත්
පසු ව ඒ ගැන එම පුවත්පතේ ප‍්‍රධාන කර්තෘවරයාගෙන් විමසූ බවත් ඒ අවස්ථාවේ දී එම ප‍්‍රවෘත්තිය ගැන තොරතුරු දැන ගැනීමට ප‍්‍රධාන කාර්යාලයට කැඳවූ බවත් පසුව එම කාර්යාලයට ගිය අවස්ථාවේ දී ප‍්‍රවෘත්ති කර්තෘවරයා මුණ ගැසුණු බවත් ඒ මහතාගෙන් එම පුවත ගැන විමසූ විට තමාට බැහැර කිරීමට නො හැකි කරුණු සහිත තොරතුරු ලැබුණ බව ඔහු පැවසූ බවත් පැමිණිලිකාරිය කියා තිබිණි.

එම වසරේ අපේ‍්‍රල් මස 15 වැනිදා පුද්ගලයන් පිරිසක් අවන්හලක මත්පැන් පානය කරමින් සිටිය දී එම කතාබහ ඇති වී ඇති බව පොලිසියට ප‍්‍රකාශ කර තිබිණි.

No comments: