Friday, February 15, 2013

සාමනේර හිමි රිමාන්ඩ්.... පාසල් දැරියක සමග සිනමා හලක.



කලිසමක්, කමිසයක් ඇඳ පාසල් දැරියක සමග චිත්‍රපටයක් බැලීමට ගිය බව කියන සාමනේර හිමි නමක පෙබරවාරි 27 දක්වා රිමාන්ඩ් කරන ලෙස ගම්පහ ප්‍රධාන මහේස්ත්‍රාත් ඛේමා ස්වර්ණාධිපති මහත්මිය නියෝග කළාය.

මේ හිමි නම නාරම්මල කෙනෙකියි අධිකරණයේදී කියැවිණි.

වැලිවේරිය පොලීසිය බී වාර්තාවකින් දැනුම් දුන්නේ දෙදෙනා ජංගම දුරකථනවලින් කතා කර ප්‍රේම සම්බන්ධතාවක් පවත්වාගෙන ගොස් ඇති බවයි.

ඒ අනුව කතාකර ගත් පරිදි වැලිවේරිය බටහේනෙ හන්දියට පැමිණ දෙදෙනාම ත්‍රීරෝද රියක නැගී මද දුරක් ගොස් දැරියගේ පාසල් නිල ඇදුම් මාර කැර ගම්පහට පැමිණ චිත්‍රපටය නරඹා ඇති බව ද පොලීසිය අධිකරණයට දැන්වීය.

සැකකාර හිමිනමගේ බෑගයේ තිබී දම් පැහැති සිවුරක්, දම් පැහැති අඳනකඩයක් සහ ඉන පටියක් තුබූ බව ද කැයැවිණි.

No comments: