Thursday, February 7, 2013

චෙන්නායිහි ලංකා බැංකු ශාඛාවකට මැර ප්‍රහාර ..... ජනපතිගේ සංචාරයට එරෙහිව උද්ඝෝෂණය කළ 22 ක් අත්අඩංගුවට



චෙන්නායි, එග්මෝහි පිහිටි ලංකා බැංකු ශාඛාවට මැර ප්‍රහාර එල්ල වී තිබේ.
අද (07) පස්වරුවේ එල්ල වූ මෙම මැර ප්‍රහාරයෙන් එහි සේවකයින් දෙදෙනෙකුට තුවාල සිදුව ඇතැයි වාර්තා වෙ.

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ඉන්දීය සංචාරයට විරෝධය පළ කරමින් ඉන්දියාවේ බොහෝ පෙදෙස්වල විරෝධතා පැවැත්වෙන අතර එහි ප්‍රතිඵලයක් ලෙස මෙම මැර ප්‍රහාරය සිදුව ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

15 දෙනෙකුගෙන් පමණ සමන්විත කණ්ඩායමක් විසින් මෙම මැර ප්‍රහාරය සිදුකර ඇතැයි වාර්තා වේ. 


No comments: