Friday, February 8, 2013

ප‍්‍රාදේශීය සභාපති ලක්‍ෂ 10ක් ගෙවා මස් මඩුවයි මස් කඩෙයි වහයි



වැල්ලවාය ප්‍රාදේශීය සභා සභාපති රෝහණ වන්නිආරච්චි මහතා ගව සම්පත රැක ගැනීමට සැබෑ ආදර්ශයක් දෙමින් වැල්ලවාය ප්‍රාදේශීය සභා ගව මස් මඩුව හා මස් කඩය පෙබරවාරි පළමුවැනිදා සිට වසා දමා වසරකට ගවයන් 2000-3000 පමණ ජීවිත බේරා දීමය ඉදිරිපත් වෙයි.

වැල්ලවාය දිගටම ගව මසින් තොර නගරයක් කරන බවත්, දැනට දුම්වැටි නොවිකුණන නගරයක් බවට පත් කර ඇති බවත් ඔහු කියයි.

මස් මඩු ටෙන්ඩරය රෝහණ වන්නිආරච්චි පදනමෙන් රුපියල් දස ලක්ෂයකට මිලට ගත්තේය.

එහෙත් මස් මඩුව හෝ මස් කඩය මේ වසරේත් දිගටම වසා තැබේ.

සභාපතිගේ මේ තීරණය ප්‍රදේශයේ සියලු විහාරස්ථානවල භික්ෂූන්ගේ ප්‍රසාදයට හේතු වෙයි.

ඌව පළාතේ ප්‍රධාන සංඝ නායක ඇතිලිවැව හිමරතන හිමියන් පැවසුයේ සභාපතිගේ තීරණයෙන් ගවයන් තුන් දහසකටත් උන්ගෙන් ලැබෙන පැටවුන්ටත් අභිය දානයක් ලෙසයි.

ගිය වසරේද වැල්ලවායේ ව්‍යාපාරික රංජන් ද සිල්වා මහතා රුපියල් ලක්ෂ 14කට ටෙන්ඩරය මිලට ගෙන මස් මඩුව හා මස් කඩය වසා දැමීය.

No comments: