Monday, February 11, 2013

පොල් නඩුව අස්කර ගනියි

පාසලේ තීන්ත ගෑමේ සිද්ධියකට අදාළව මුදල් සොයාගැනීම සඳහා පොල්ගෙඩි අටක් සොරකම් කළ බවට පාසල් දැරියකට එරෙහිව පවරා තිබූ නඩුව හොරණ මහේස්ත්‍රාත් අධිකරණයේදී අද (11) ඉල්ලා අස්කරගෙන තිබේ.

අදාළ නඩුව පැමිණිලි පාර්ශවය විසින් ඉල්ලා අස්කර ගෙන ඇති අතර විත්ති පාර්ශවය අධිකරණය නොපැමිණ සිටි බැවින් ඒ අනුව අදාළ පාසල් දැරියට ඒ පිළිබඳව නොතීසියක් මගින් දන්වන ලෙසද හොරණ මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇත.

මෙම සිද්ධියේදී ජනමාධ්‍ය විසින් අනවශ්‍ය පරිදි ලබාදුන් ප්‍රචාරය නිසා දැරියගේ අධ්‍යාපන කටයුතුවලට ද බලපෑමක් සිදුව ඇති බවත් මාධ්‍යය මෙවැනි සිද්ධීන් සම්බන්ධයෙන් වගකීමෙන් ක්‍රියා කළ යුතු බවත් මහේස්ත්‍රාත් පවසා තිබේ.
පොල් නඩුව අස්කර ගනියි
February 11, 2013  11:11 am
 
No comments: