Thursday, February 7, 2013

පොල් කථාව කැබිනට් මණ්ඩලයටත් ........හොරණ දැරියගේ ප්‍රශ්නය දුර දිග යයි......... ජනපති අණින් පරීක්ෂණ



පාසලේ තීන්ත ගෑමට මුදල් සෙවීම සඳහා පොල් අහුලන්නට ගොස් හොරණ දැරියකට උසාවි යන්නට වූ සිද්ධිය ගැන පරීක්ෂණයක් පවත්වන ලෙස මහින්ද රාජපක්ෂ ජනපති අධ්‍යාපන ඇමති බන්දුල ගුණවර්ධන මහතාට අද උපදෙස් දුන්නේය.
පාසල් නඩත්තු කටයුතු වෙනුවෙන් මුදල් ගැනීම ගැන සොයා බලීම මේ පරීක්ෂනයේ එක් අරමුණකි.
එවැනි දේ සඳහා මුදල් එකතු කිරීම චක්‍රලේඛ මගින් තහනම් කර ඇත. යළිත් සියලු පාසල්වලට චක්‍රලේඛයක් නිකුත් කරන ලෙස ද ජනපති කියා ඇත.
------------- කැබිනට් මණ්ඩලයටත් -------------------------------
පාසලේ තීන්ත ආලේප කිරිම සදහා පොල්ගෙඩි 8 ක් ඇහිලූ දැරිය අත්අඩංගුවට ගැනීම පිලිබද කැබිනට් මණ්ඩලයේ අවධානය යොමුවෙයි.
අද පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය සාකච්ඡාවේදී අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා සදහන් කලේ මේ පිලිබදව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ අවධානය යොමුවූ බවයි.

එම දැරිය රුපියල් 20000 ට වඩා අඩු මාසික ආදායමක් ලබන පවුලක දැරියක් බැවින් ඇය අධිකරණයට ඉදිරිපත් කිරීමට හැකියාවක් නොමැති බව අමාත්‍යවරයා මෙහිදී සදහන් කලේය.

එබැවින් මෙම ගැටළුව පිලිබදව සොයාබලා කටයුතු කිරීමට කැබිනට් මණ්ඩලයේ අවධානය යොමුව තිබේ.

Target-news - පොල් කථාව කැබිනට් මණ්ඩලයටත් ........හොරණ දැරියගේ ප්‍රශ්නය දුර දිග යයි
ජනපති අණින් පරීක්ෂණ                                                                      

පාසලේ තීන්ත ගෑමට මුදල් සෙවීම සඳහා පොල් අහුලන්නට ගොස් හොරණ දැරියකට උසාවි යන්නට වූ සිද්ධිය ගැන පරීක්ෂණයක් පවත්වන ලෙස මහින්ද රාජපක්ෂ ජනපති අධ්‍යාපන ඇමති බන්දුල ගුණවර්ධන මහතාට අද උපදෙස් දුන්නේය.
පාසල්  නඩත්තු කටයුතු වෙනුවෙන් මුදල් ගැනීම ගැන සොයා බලීම මේ පරීක්ෂනයේ එක් අරමුණකි.
එවැනි දේ සඳහා මුදල් එකතු කිරීම චක්‍රලේඛ මගින් තහනම් කර ඇත. යළිත් සියලු පාසල්වලට චක්‍රලේඛයක් නිකුත් කරන ලෙස ද ජනපති කියා ඇත.                                                                                                
------------- කැබිනට් මණ්ඩලයටත් -------------------------------
පාසලේ තීන්ත ආලේප කිරිම සදහා පොල්ගෙඩි 8 ක් ඇහිලූ දැරිය අත්අඩංගුවට ගැනීම පිලිබද කැබිනට් මණ්ඩලයේ  අවධානය යොමුවෙයි.
අද පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය සාකච්ඡාවේදී අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා සදහන් කලේ මේ පිලිබදව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ අවධානය යොමුවූ බවයි.

එම දැරිය රුපියල් 20000 ට වඩා අඩු මාසික ආදායමක් ලබන පවුලක දැරියක් බැවින් ඇය අධිකරණයට ඉදිරිපත් කිරීමට හැකියාවක් නොමැති බව අමාත්‍යවරයා මෙහිදී සදහන් කලේය.

එබැවින් මෙම ගැටළුව පිලිබදව සොයාබලා කටයුතු කිරීමට කැබිනට් මණ්ඩලයේ අවධානය යොමුව තිබේ.                                                       

Anura S. Liyanage Target-news  -Thursday, 07 February 2013

No comments: