Monday, February 11, 2013

තුන් රෝද රිය විසිවෙයි - තවත් වාහන 2ට හානි

  • පුත්තලම කරුවලගස්වැව ප්‍රදේශයේදී සිදුවු රිය අනතුරකින් ත්‍රී රෝද රථ රියදුරෙකු මියගොස් ඇති බව කරුවලගස්වැව පොලීසිය පවසයි.ඊයේ සවස මෙම අනතුර සිදුවී ඇතැයි අප වාර්තාකරු කියයි. අනතුරින් මිය ගොස් ඇත්තේ තබ්බෝව, මුරියාකුලම පදිංචිව සිටි රත්නායක මුදියන්සේලාගේ චමින්ද නිලන්ත (26) හැවිරිදි තරු‍ණයෙකි.අනතුරට සම්බන්ධ ත්‍රී රෝද රථය පුත්තලම දෙස සිට අනුරාධපුර දෙසට ධාවනය වී ඇත.

    එය එක් වරම පුත්තලම, අනුරාධපුර මාර්ගයේ 7 කණුව මංසන්ධියේදී දකුණට හැරවීමට උත්සහ කර තිබේ.

    එවිට ඉදිරියෙන් පැමිණි ජීප් රථයක ත්‍රී රෝද රථය ගැටී ඇත.

    ඒ සමගම විසීවි ගොස් ඇති ත්‍රී රෝද රථය පුත්තලම දෙස සිට අනුරාධපුරය දෙසට ධාවනය වෙමින් තිබු වෑන් රථයක ගැටී තිබේ.

    ත්‍රී රෝද රථය පදවා ගෙන පැමිණි අය එම ස්ථානයේදීම මියගොස් ඇතැයි ද අප වාර්තාකරු පවසයි.

    අනතුරට සම්බන්ධ වෑන් රථය, ජීප් රථය සහ එම රථවල රියදුරන් අත්අඩංගුවට ගෙන ඇති බව කරුවලගස්වැව පොලීසිය කියයි.

No comments: