Friday, February 8, 2013

උලමාවරුන්ගේ සංගමයට හලාල් සහතිකය නිකුත් කිරීම සදහා කිසිදු නීතිමය අවසරයක් නෑ....

උලමාවරුන්ගේ සංගමයට හලාල් සහතිකය නිකුත් කිරීම සදහා කිසිදු නීතිමය අවසරයක් නොමැති බවත් ඊට කිසිදු රාජ්‍ය ආයතනයක මැදිහත්වීමක් ද හිමිව නොමැති රජය පවසයි.

ඊයේ පාර්ලිමේන්තුවේදී විපක්ෂනායක රනිල් වික්‍රමසිංහ මහතා ද හලාල් සහතිකය සම්බන්ධයෙන් දැක්වූ අදහස්වලට අද පාර්ලිමේන්තුවේදි අදහස් දක්වමින් සභානායක අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා මේ බව කියා සිටියේය.

එම සහතිකය ප්‍රතික්ෂේප කිරීම හෝ ලබාගැනීම ජනතාව සතු දෙයක් බවද පැවසූ ඔහු මෙරට තුල ජාතිවාදය ඇති කිරීම සදහා රජය කිසිදු ඉඩක් නොතබන බවද අවධාරණය කලේය.

රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශය දේශපාලන අරමුණෙන් කළ එකක් බවද පැවසූ අමාත්‍යවරයා පාර්ලිමේන්තු තේරිම් කාරක සභාවක් මේ සම්බන්ධයෙන් පිහිටුවීමට නියමිත වුවද ඊට විරුද්ධවන බව විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කර ඇතැයිද කියා සිටියේය.

මුස්ලිම් ජනතාව රජයයෙන් ඈත් කිරීමට විපක්ෂය කටකතා පතුරවා හරිමින් උත්සාහ දරමින් සිටින බවටද අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.

No comments: