Monday, February 11, 2013

වන්දනාවේ ගිය ජනපති යළි දිවයිනට

ඉන්දියාවේ සංචාරයක නිරත වූ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද (09) පස්වරුවේ යළි දිවයිනට පැමිණියේය. කටුනායක ගුවන්තොටුපල ආරංචිමාර්ග සඳහන් කළේ ශ‍්‍රී ලංකා ගුවන් සේවයට අයත් විශේෂ ගුවන් යානයකින් ජනාධිපතිවරයා ඇතුළු කණ්ඩායම පස්වරු 2.15ට පමණ දිවයිනට පැමිණි බවයි.

ඉන්දියාවේ දෙදින සංචාරයක නිරත වූ ජනාධිපතිවරයා - බුද්ධගයාවේ සහ දකුණු ඉන්දියාවේ - තිරුපති පුදබිමේ ආගමික වතාවත්වලට සහභාගි විය.

ජනාධිපතිවරයාගේ ඉන්දීය වන්දනා ගමනට එරෙහි, එරට තුල උද්ඝෝෂණ සංවිධානය කර තිබිණ. ඒ පිළිබදව එහිදී ඉන්දීය මාධ්‍යවේදීන් විමසා සිටි අවස්ථාවේ ඊට පිළිතුරු ලබාදෙමින් ජනාධිපතිවරයා ප‍්‍රකාශ කළේ, එය ප‍්‍රජාතන්ත‍්‍රවාදී රටක ලක්ෂණයක් වන බවයි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ජනාධිපතිවරයා ඉන්දීය මාධ්‍යවේදීන්ට ප‍්‍රකාශ කළේ, ශ‍්‍රී ලංකාවට පැමිණ වත්මන් තත්වය සියැසින් දැකබලා ගන්නා ලෙසයි.

No comments: