Sunday, February 17, 2013

අතරමං වු විදේශිකයින් ගාල්ලට එයි - මිනිස් ජීවිත අනූ ගණනක් මුහුදට දැම්මාලු!

මඩකළපුව, සංගමන්කන්ද තුඩුවට කිලෝමීටර් 225ක් ඈතින් පිහිටි මුහුදු ප්‍රදේශයේ අතරමංව සිටියදී බේරාගත් විදේශිකයින් පිරිස මේවන විට ගාලු වරායට රැගෙනවිත් තිබේ.

විදේශීකයන් 38 දෙනෙකු නාවික හමුදාව විසින් ඊයේ (16) දහවල් බේරාගන්නා ලදී.

ගාලු වරායෙන් පිටවගිය සාගර නෞකාවෙන් බෝට්ටුවක සිටි බව කියන එම විදේශිකයින් පිරිස බේරාගෙන ඇති අතර ඔවුන් මියන්මාර ජාතිකයින් බව ඔවුන්ගේ භාෂාව තේරුම් ගැනීමට නොහැකිවීම නිසා ගැටලුවක් මතුව ඇති බවත් අප වාර්තාකරු කියයි.

මේ අතර භාෂාව තේරුම් ගැනීමට නොහැකිවීම නිසා පසුව එම ස්ථානයට පැමිණි භික්ෂුවක් මියන්මාර ජාතිකයෙකුගෙන් තොරතුරු විමසා තිබේ.

මලයාසියාවට පලාගිය බවත් එහිදී පිරිස භාරගැනීම එරටින් ප්‍රතික්ෂේප කළ බවත් අතරමගදී යාත්‍රාව අනතුරට ලක්වී දින ගණනක් මුහුදේ පාවෙමින් සිටියදී ඔවුන් අතර සිටි‍ අයගෙන් හාමතේ මියැදුණු පුද්ගලයින් අනූගණනක් පමණ මුහුදට දැමූ බවත් ඔහු එහිදී පැවසු බව අප වාර්තාකරු කියයි.

No comments: