Friday, February 8, 2013

‘බත්තරමුල්ල පාෂාණය දියවෙන සුළුයි‘



බත්තරමුල්ලේ ජයන්තිපුර නිවසක මිදුලට අද (8) අලුයම වැටුණු පාෂාණය තරමක් දියවෙන සුළු බව පෙනේයැයිද, එවැනි පාෂාණයක් දුටු පළමු අවස්ථාව මෙය යැයි ද, කොළඹ විශ්ව විද්‍යාලයේ භෞතික විද්‍යා අංශයේ මහාචාර්ය චන්දන ජයරත්න කියයි.
එය උල්කාෂ්මයක කොටසක් විය හැකි බව කියන ඔහු විද්‍යාගාර පරීක්ෂණ සඳහා එම කොටස් ලබා ගත්තේය. ඒවායේ විකිරණශීලීතාවක් හෝ යකඩ හෝ නැති බව ඔහු කියයි.
බත්තරමුල්ල ජයන්තිපුර මැද පාරේ සී ගුණතිලක මහතාගේ මිදුලට මේ ආගන්තුක පාෂාණය වැටී ඇත.

‘මෙම පාෂාණ උල්කාෂ්ම විය හැකියි. නමුත් කෙබඳු පාෂාණයක් ද යන්න කිව හැක්කේ පරීක්ෂණවලින් පසුවයි.‘
මහාචාර්යවරයා යන විට මෙම පාෂාණ කොටස් කුණුගොඩට දමා තිබිණි.
මහචාර්යවරයා කියනුයේ එවැනි දෙයක් ඉවත් නොකළ යුතු බවයි.
වැටුණු තැනම තැබීමෙන් පරීක්ෂණ පහසුවන බවත්, ඉවත් කිරීමෙන් වැදගත් සාක්කි නැතිවන බවත් ඔහු කියයි.


No comments: