Sunday, February 3, 2013

"දොරින් දොරට” යන අතර රංජිත් මද්දුම බණ්ඩාර අසනීප වෙයි


ranjithhh
එක්සත් ජාතික පක්ෂයට සාමාජිකයන් බඳවා ගැනීම සඳහා ගාල්ලේ ගෙයින් ගෙට යාමේ වැඩසටහනකට සහාභාගී වෙමින් සිටියදී මොණරාගල දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්.එම්.රංජිත් මද්දුම බණ්ඩාර මහතා අසනීපවි අද(03) අළුයම කරාපිටිය රෝහලට ඇතුලත්කරනු ලැබ සිටියි. බෙන්තර, ඇල්පිටිය, කරන්දෙණිය, බලපිටිය, අම්බලන්ගොඩ යන ප්‍රදේශවල "දොරින් දොරට” ප්‍රවර්ධන වැඩසටහන ක්‍රියාත්මක කරන අතර
ඒ සඳහා මද්දුම බණ්ඩාර මහතාද එක් විය. එක්‌සත් ජාතික පක්‍ෂයට නව සාමාජිකයන් විසිලක්‍ෂයක්‌ බඳවා ගැනීම සඳහා ආරම්භ කෙරෙන "දොරින් දොරට" සාමාජික ප්‍රවර්ධන වැඩසටහන ඊයේ (2 වැනිදා) ගාල්ල දිස්‌ත්‍රික්‌කයෙන් ආරම්භ කළ අතර අද එහි දෙවන දිනයයි

No comments: