Friday, February 8, 2013

1)අපි ආණ්ඩු පෙරලන්නේ නෑ ...... 2) "ජමියතුල් උලමා" සංවිධානයට එරෙහිව නඩු මගට-බොදු බල සේනා

තම සංවිධානයේ අරමුණ පවතින ආණ්ඩුව පෙරළීමට හෝ ආණ්ඩුවට එරෙහි වීමට නොවන බව බොදු බල සේනා සංවිධානය පවසයි.

නිමල් සිරිපාල ද සිල්වා මහතා ඊයේ පාර්ලිමේන්තුවේදී කළ ප‍්‍රකාශය නිසා තම සංවිධානය දැඩි කලකිරීමකින් සිටින බව බොදු බල සේනා සංවිධානයේ ලේකම් ගලබොඩ ඥාණසිරි හිමියන් පවසයි. තම සංවිධානය ගැන තිබෙන වැරදි ආකල්පය හා නොදැනුවත්කම නිසා මෙවැනි ප‍්‍රකාශ කිරීම දැඩි දුකක් බව අද පැවැත් වු මාධ්‍ය සාකච්ඡුාවේදී හිමියන් පැවසිය. එම සංවිධානය වැඩිදුරටත් පැවසුවේ තම සංවිධානය මෙරට ජාති අරගලයක් කරමින් පැතිර යන ජමියතුල් උලමා සංවිධානයට විරුද්ධව නඩු පවරන බවයි. ජනාධිපතිතුමාගේ බෞද්ධ ලක්‍ෂණ නැති කිරීමට ඇතැම් අමාත්‍යවරුන් නොමනා ක‍්‍රීයා කරන බව ඥාණසිරි හිමියන් තවදුරටත් ප‍්‍රකාශ කර සිටියා.
වර්තමානයේදී මෙරට පවතින හලාල් ප‍්‍රශ්නය මතු කරන බෞද්ධ හිමිවරුන් නොව ජමියතුල් උලමා වෙනුවෙන් පෙනී සිටින අන්තවාදී නායකයන් මෙම නායකයන්ගේ අරමුණ වන්නේ රටේ පාලකයාව අපහසුතාවට පත් කිරීමට බවයි හිමියන් තවදුරටත් පෙන්වා දුන්නේ

රටේ සිංහල මුස්ලිම් ජාතින්ගේ සමඟිය නැති කර පටු පරමාර්ථ ඉටු කර ගැනීමට ජාත්‍යන්තරය හා ජමියතුල් උලමා සංවිධානය ක‍්‍රියා කරන බව මුස්ලිම් ජනතාව දැන් දන්නවා. නමුත් ඇතැම් අන්තවාදී මුස්ලිම් ජනතාව බොරු ප‍්‍රචාර කරමින් අරගල කරන බවයි එම සංවිධානයේ ලේකම් හිමියන් පැවසුවේ. බෞද්ධ රටක් වන ශ‍්‍රී ලංකාවේ බුද්ධාගම හා බෞද්ධයන් රැක ගැනීමට තම සංවිධානය ඕනෑම ක‍්‍රියාමාර්ගයක් ගැනීමට සුදානම් බව එම සංවිධානය වැඩිදුරටත් සඳහන් කර සිටියා.

2) හලාල් සහතික නිකුත් තිරීම සහ මුස්ලිම් සිංහල සමගිය නැති කිරීමට කටයුතු කරන බවට චෝදනා කරමින් "ජමියතුල් උලමා" සංවිධානයට එරෙහිව නඩු පවරන බව බොදු බල සේනා සංවිධානය පවසයි.

අද(08) උදැසන පැවැති ප‍්‍රවෘත්ති සාකච්ඡාවට එක් වෙමින් එම සංවිධානයේ ලේකම් ගලබොඩ අත්තේ ඥානසාර හිමියන් සඳහන් කළේ රජයේ ඇතැම් නිලධාරීන් ජනාධිපතිවරයාට බොරු කියමින් ඔහු සතුව ඇති බෞද්ධ ලක්‍ෂණවලට හානි කරමින් සිටින බවයි.

No comments: