Friday, February 22, 2013

බාලචන්ද්‍රන් ගැන මට වාර්තා වුණේ නෑ..... -සරත් ෆොන්සේකා..




 ප‍්‍රභාකරන්ගේ බාල පුතා මා හමුදාපතිව සිටි කාලයේ හමුදාව ඝාතනය කළේ නෑ
ප‍්‍රභාකරන්ගේ පුත් බාලචන්ද්‍රන් ගැන ෆොන්සේකා කියයි

බි‍්‍රතාන්‍ය ‘චැනල් ෆෝ’ නාලිකාවෙන් ඉදිරිපත් කර ඇති ඡයාරූප පිළිබඳ තමන්ට සැකයක් පවතින බවත් තමන් හමුදාපති තනතුරෙහි සිටිය දී එල්ටීටීඊ නායක ප‍්‍රභාකරන්ගේ බාල පුත් බාලචන්ද්‍රන් හමුදාව විසින් ඝාතනය නො කෙරුණු බවත්, හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා මහතා පවසයි.
මෙහි දී වැඩිදුරටත් අදහස් දක්වමින් ෆොන්සේකා මහතා සඳහන් කළේ 2009 වසරේ මැයි 17, 18, 19 තෙදින තුළ යුදමය තත්ත්වය හේතුවෙන් ත‍්‍රස්තවාදීන් 400කගේ මළ සිරුරු යුද හමුදාව විසින් සොයාගත් බවත් එහි තිබී එල්ටීටීඊ නායක වේළුපිල්ලේ ප‍්‍රභාකරන්ගේ සහ ඔහුගේ වැඩිමහල් පුතාගේ මළ සිරුරු හඳුනාගනු ලැබූ බවත් ය.

යුද්ධය පැවැති වකවානුවේ දී බාලචන්ද්‍රන් යුද හමුදාව විසින් අත්අඩංගුවට ගත්තේ නම් අද වන විතේ ඔහු ජීව්ත් වන බව ද හෙතෙම සඳහන් කළේ ය. නමුත් බාලචන්ද්‍රන් යැයි සැලකෙන කිසිදු පුද්ගලයකු තමන් අණ දුන් යුද හමුදාවේ කිසිදු නිලධාරියෙකු විසින් ජීව්තුන් අතර සිටිය දී හෝ මළ සිරුරක් හෝ සොයා ගත් බවට කිසිදු වාර්තාවක් නොමැති බව ද ෆොන්සේකා මහතා වැඩිදුරටත් සඳහන් කළේ ය.

මීට පෙර ද බාලචන්ද්‍රන්ගේ යැයි පවසමින් වෙඩි වැදී මියගිය සිරුරක ඡයාරූපයක් මාධ්‍ය හරහා ජනතාව අතරට ගිය බවත් ඒ ඡුායාරූප පවා බාලචන්ද්‍රන්ගේ ඡයාරූප දැයි තමන්ට සැකයක් පවතින බවත් හෙතෙම පැවැසීය.

මේ කාරණාව පිළිබඳ ඉදිරියේ දී පරීක්ෂණ සඳහා මුහුණ දීමට සිදු වුවහොත් තමන්ට යුද හමුදාපති ලෙස කටයුතුකළ කාලයේ සිදු වූ ඕනෑම කාරණාවක් පිළිබඳ නීත්‍යානුකූලව හා අපක්ෂපාතීව පවත්වන ඕනෑ ම පරීක්ෂණයකට මුහුණ දීමට සූදානම් බව ද සරත් ෆොන්සේකා මහතා සඳහන් කළේ ය.

Like · ·

No comments: