Friday, November 9, 2012

F M අලුත් වෙයි........ වඩා හොඳ ශ්‍රවණ තත්ත්වයක්

                         මෙරට ශ්‍රාවකයන්ට වඩාත් ගුණදායක තත්ත්වයේ ශ්‍රවණයන් සඳහා ගුවන් විදුලි නාලිකාවන්ගේ තාක්ෂණික බාධාවන් ඉවත්කොට නව සංඛ්‍යාත සැලසුම අනුව නොවැ.01 වනදා සිට ක්‍රියාත්මක වන බැව් ශ්‍රී ලංකා ගුවන් විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් අනූෂ පැල්පිට මහතා පැවසීය.
                         ඒ අනුව එෆ්. එම්. ගුවන් විදුලි නාලිකා ශ්‍රවණය කිරීමට තිබූ තාක්ෂණික බාධාවන් අවම කර ශ්‍රාවකයන් සඳහා හොඳ ශ්‍රවණ තත්ත්වයක් ලබාදීමට අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ උපදෙස් පරිදි සහ ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතාගේ මඟ පෙන්වීමෙන් ජාතික ප්‍රතිපත්තියක් අනුව ආරම්භ කළ එෆ්. එම්. ගුවන් විදුලි සංඛ්‍යාත නැවත නිකුත් කිරීම් වැඩ පිළිවෙල විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව  සාර්ථකව නිම කොට ඇත.
ශ්‍රී ලංකාව තුළ එෆ්. එම්. ගුවන් විදුලි මාලාව භාවිතය කළමනාකරණය කිරීමේ පූර්ණ බලතල පැවරී ඇත්තේ විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවටය. දැනට මෙරට තුළ ගුවන් විදුලි නාලිකා 45 ක් පමණ ක්‍රියාත්මක වන අතර එම සේවාවන් ගුවන් විදුලි සංඛ්‍යාත  FM මෙගා හර්ට්ස් 87.5 – 108 පරාසය තුළ ක්‍රියාත්මක වේ.
අදාළ සංඛ්‍යාත විකාශනයේදී දැනට මුහුණ දී ඇති නොයෙකුත් ප්‍රායෝගික ගැටලු අවම කරලීම සඳහා පැවති සැලසුම් යාවත්කාලීන කිරීමට ජාතික ප්‍රතිපත්තිමය තීරණයකට අනුව ගුවන් විදුලි සංඛ්‍යාත නව සැලැස්මක් යටතේ විනිවිදභාවයෙන් යුතු සියලුම ගුවන් විදුලි නාළිකා අතර ඔවුනට දැනට හිමි කරගෙන ඇති සංඛ්‍යාත සැලකිල්ලට ගෙන බෙදා වෙන් කරන ලදී.
                             පැහැදිලි සහ නිරවුල් සන්නිවේදයක් සඳහා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව කළ මේ දැවැන්ත කාර්යයේදී සියලුම ගුවන් විදුලි ආයතනවල සහයෝගය ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව වෙත ලබා දී ඇත. නව සංඛාත නොවැ.01 වනදා සිට ක්‍රියාත්මක වේ.
                            ගුවන් විදුලි නාලිකාවන්ට මුලු දිවයිනට බල පැවැත්වෙන පරිදි සංඛ්‍යාත නිකුත් කළ අතර දැනට නාළිකා දෙකක් අතර තිබූ 100Hz / 200 Hz වෙනුවට 300 Hz පරතරයක් සහිතව රේඩියෝ සංඛ්‍යාත ලබාදී ඇත. මෙමඟින් මෙරට ගුවන් විදුලි ශ්‍රාවකයන්ට ඉතා පැහැදිලි ශ්‍රවණ තත්ත්වයක් යටතේ දිවයිනේ වැඩි ප්‍රදේශයක් තුළ එකම සංඛ්‍යාතයක් මඟින් ශ්‍රවණය කිරීමේ හැකියාව ලැබෙනු ඇත.
               ගුවන් විදුලි නාලිකාවන් හි නව සංඛ්‍යාත මෙසේය.

ලයිට් එෆ් එම් – 87.6, 87.8
රන් එෆ් එම් – 88.1
ඊ එෆ් එම් – 88.3
සිංහ එෆ් එම් – 88.6, 88.8
ඉසිර රේඩියෝ - 89.1, 89.8
සිටි එෆ්. එම් – 89.6
සිටි එෆ් එම් / ගැමි දිරිය – 89.8
පිරෙයි එෆ් එම් / වයඹ / යාපන ප්‍රාදේශීය සේවය – 90.1
වෙට්රි එෆ් එම් – 90.4, 90.6
ෂා එෆ් එම් – 90.9, 91.1
අලෙයි – 91.4
ස්වදේශීය සේවය (සිංහල) – 91.7, 91.9
දෙරණ එෆ් එම් – 92.2, 92.4
වයි එෆ් එම් – 92.7
ගෝල්ඩ් එෆ් එම් – 93, 93.2
ලක්හඬ – 93.5, 93.7
සැට්නෙට් - 94
වෙළඳ සේවය – 94.3, 94.5
නෙත් එෆ් එම් – 94.8, 95
මැක්ස් රේඩියෝ - 95.3
රිදම් එෆ්. එම්. – 95.6, 95.8
හිරු එෆ් එම් – 96.1, 96.3
කිරුළ එෆ් එම් – 96.6
කිස් එෆ් එම් – 96.9
රියල් රේඩියෝ - 97.1
ඉංග්‍රීසි සේවය – 97.4
ඉංග්‍රීසි /දඹාන/කොත්මලේ ප්‍රජා ගුවන් විදුලි සේවය – 97.6
සී. අයි. ආර් (චීන ගුවන් විදුලිය) – 97.9
සියත එෆ් එම් – 98.2, 98.4
සන් එෆ් එම් – 98.7, 98.9
ටී එන් එල් රේඩියෝ - 99.2
රෙඩ් එෆ් එම් – 99.5, 99.7
ශ්‍රී එෆ් එම් – 100, 100.2
රන් එෆ් එම් – 100.5
යර්ස් එෆ් එම් – 100.8, 101
බෞද්ධයා ගුවන් විදුලිය – 101.3, 101.5
සෙත් එෆ් එම් (මීගමුව) ටි එන් එල් රේඩියෝ - 101.8
ස්වදේශීය සේවය (දෙමළ) – 102.1, 102.3
වසන්තම් එෆ් එම් – 102.6, 102.8
ග්ලෝබල් - 103.1
සූරියන් එෆ් එම් – 103.4, 103.6
ශක්ති එෆ් එම් – 103.9, 104.1
රන්ගිරි ශ්‍රී ලංකා - 104.4
ටෙන්ඩරල් - 104.7, 104.9
ලක්විරු - 105.2, 105.4
රන්ගිරි ශ්‍රී ලංකා - 105.7
ලක් එෆ් එම් - 106
සිරස එෆ් එම් – 106.5, 106.7
වී එෆ් එම් - 107
රුහුණු/රජරට/කඳුරට/ඌව/විදුල ක්‍රීඩා සේවය – 107.3
රුහුණු සේවය/විදුල/ක්‍රිඩා සේවය – 107.5
දෙමළ සේවය – 107.8  

No comments: