Wednesday, November 21, 2012

මත්කුඩු උරන්න රන්බඩු ඉස්සූ හොරු පොලීසියට කොටු

                       රත්නපුර  බලන්ගොඩ බුළත්ගම පල්ලේවෙල ප‍්‍රදේශයේ නිවෙසක් හා මස්සැන්න උඩමුල්ල ප‍්‍රදේශයේ නිවසක් බිඳ ලක්ෂ අටක රන්බඩු හා මුදල් සොරකම් කල පුද්ගලයින් 04 දෙනෙක් බලන්ගොඩ පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
                        අපරාධ දෙකටම සම්බන්ධ  පුද්ගලයින් එක්ව එකට මත් කුඩු පාවිච්චි කරන බවත් ඔවුන් මතට ඇබිබැහි වූවන් බවත් විමර්ශන වලින් හෙළිවී ඇත. මෙම සොරකම් කළ රන්බඩු කොළඹ ප‍්‍රදේශයේ පුද්ගලික උකස් ආයතනයන් හි උකස් කොට මත්කුඩු භාවිතා කළ බව ද අනාවරණය වෙයි.
                        අද (21 වනදා)  දින සැකකරුවන් බළන්ගොඩ දිසා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි. ඉකුත් අගෝස්තු මාසයේ කළ සොරකම නිවැසියන් බැහැරව චාරිකාවක නිරත වු අවස්ථාවකත් ජූනි මාසයේ වු සොරකම නිවැසියන් මිහිඳු පෙරහැර බැලීමට ගිය අවස්තාවකත් සිදුවී තිබේ.
                       බලන්ගොඩ පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඞී. ආර්. දසනායක  මහතාගේ උපදෙස් පරිදි අපරාධ පරීක්ෂණ අංශයේ ස්ථානාධිපති ෂෙල්ටන් උඩුවක උප පොලිස් පරීක්ෂක  එම්. එල්. සමරවීර හා අපරාධ අංහයේ සියලූම නිලධාරීන් විමර්ශනයට සහභාගී වී ඇත.

No comments: