බුලත්සිංහල ප්‍රදේශයේ දී ඊයේ (20 වනදා) අලුයම කාලයේ දී සිදු කල පුද්ගලයින් තිදෙනාගේ ඝාතනය සම්බන්ධව සැකකරුවන් දෙදෙනෙක් ඊයේ (20 වනදා) අත්අඩංගුවට ගන්නට බුලත්සිංහල පොලිසියට හැකි විය.
32 හා 30 හැවිරිදි මෙම සැකකරුවන් දෙදෙනා ත්‍රිත්ව ඝාතනය වූ නිවසට යාබද නිවසක දී අත්අඩංගුවට පත්ව ඇත්තේ පොලිස් නිල සුනඛයන්ගේ ආධාරයෙනි. ඝාතනයට ලක් වූයේ විශ්‍රාමික වතු අධිකාරී වරයෙකු වූ එම්. ඒ. ප්‍රනාන්දු මහතා සහ ඔහුගේ බිරිද වූ එම්. මැගිලින් සහ ඔවුන්ගේ දරුවෙකු වූ හෙක්ටර් ධර්මසිරි යන අය ය.
අත්අඩංගුවට පත් සැකකරුවන් පොලිසියට පවසා ඇත්තේ නිවස කොල්ල කෑම සඳහා පැමිණ එය වැරදී ගිය තැන මේ ඝාතන සිදු කළ බවයි. බුලත්සිංහල පොලිසිය පරික්ෂණ පවත්වයි.
No comments:
Post a Comment