Tuesday, November 20, 2012

නැගෙනහිර මැතිවරණ මුදල් තවමත් හිර වෙලා

නැගෙනහිර පළාත් සභා මැතිවරණ රාජකාරි සැපයූ සේවාලාභීන් හට ගෙවිය යුතු මුදල් තවමත් ගොවා නැතැයි මැතිවරණ රාජකාරි සඳහා සහභාගීවූ නිලධාරින් පවසයි. මැතිවරණ රාජකාරි සඳහා සහභාගී වූ ගුරුවරුන් ඒ පිළිබඳව කලාප අධ්‍යාපන කාර්යාලයෙන් විමසා තිබෙන අතර ඔවුන් පවසා ඇත්තේ තවමත් එම මුදල් පැමිණ නැති බවය‍. අම්පාර මැතිවරණ ලේකම් කාර්යාලයෙන් විමසූ විට ඔවුන් පවසන්නේ “කොළඹින් මුදල් නාව” බවය. දිගාමඩුල්ල මැතිවරණ දිස්ත්‍රික්කයේ මැතිවරණය සඳහා ඇස්තමේන්තු කළ මුදල් කෝටි පහ හමාරක් ඉන් එක් කෝටි හැත්තෑ පන්ලක්‍ෂයක් හැර සෙසු මුදල් ලැබී ඇති බවද වාර්තා වේ. කෙසේ වෙතත් මේ වනවිට මැතිවරණයට එක්වූ ගුරුවරුන්ටත් සේවා සැපයූ විදුලිබල මණ්ඩලයටත් විශාල මුදලක් ගෙවීමට තිබෙන බව වාර්තා වේ.

No comments: