Wednesday, November 21, 2012

මිහින්තලේ නිවසකට කඩා වැදුණු සොර කණ්ඩායමක් ගෙහිමියාගේ දත් කඩලා..... දියණිය ප්‍රසිද්ධියේ නිරුවත් කරලා...

 මිහින්තලය පොලිස් වසමේ මාතලේ හංදිය ප්‍රදේශයේ නිවසකට සන්නද්ධව වෑන් රථයකින් පැමිණි මැර කණ්ඩායමක් එම නිවසට පහර දී නිවසේ බඩු බාහිරාදියට අලාභ හානි සිදු කර නිවසේ  හිමිකරුට ද බරපතල තුවාල සිදු කර පලා ගොස් ඇති අතර, ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා මිහින්තලය පොලිසිය පුලුල් පරික්ෂණයක් ආරම්භ කොට ඇත.
                     සමඟිපුර මාතලේ හංදිය අනුරාධපුර පිහිටි නිවසකට පැමිණි ත්‍රිකුණාමලය ප්‍රදේශයේ පදිංචි දැලි පිහි සමන් නැමැත්තා ඇතුලු දස දෙනෙකුගෙන් පමණ යුතු මැර කණ්ඩායමක් මෙම පහරදීම සිදු කර පලා ගොස් ඇත. 19 වනදා අලුයම පැමිණි මැර කණ්ඩායමක් තේක්ක ලීයෙන් තැනූ ඉදිරිපස දොර පො‍රවකින් ගසා කඩා නිවසට ඇතුලු වී සියලු දෙනාගේම ගෙලට පිහි තබා මරා දමන බවට තර්ජනය කළ බවත් නිවෙස් හිමිකරුට මන්න පිහියකින් හිසට පහර දී ඔහුගේ යටි ඇන්දේ දත් කිහිපයක් ද කඩා දමා ඇත. තුවාල ලැබූ නිවසේ හිමිකරු අනුරාධපුර ශික්‍ෂණ රෝහලේ දැනට ප්‍රතිකාර ලබයි.
                        ප්‍රදේශවාසින් විශාල පිරිසක් නිවසට පැමිණියත්, නිවසේ ඉදිරිපිට සිටි මැර පිරිසක් පැමිණ පිරිසට බෝම්බ ගසා මරා දමන බවට තර්ජනය කළ නිසා ඔවුන් බිය වූ බවත් නිවසේ සිටින පස් මස් ගැබිණියක් වන දියණිය පාරට රැගෙන ගොස් නිරුවත් කළ බවත් පසුව තමන්ගේ වැඩිමහල් පුත්‍රයා නැගණිය මැර කණ්ඩායමෙන් බේරා ගත් බවත් මැරයන් ප්‍රචණ්ඩ ලෙස හැසිරීම නිසා මැරයන්ගෙන් බේරීමට තමන් මිරිස් කුඩු ප්‍රහාරයක් එල්ල කළ බවත් ඉන්පසු ඔවුන් පළා ගිය බවත් නිවෙස් හිමියා‍ගේ බිරිද පැවසුවාය.
                        තවමත් මෙම පිරිස අනුරාධපුර නගරයේ සැරිසරමින් සිටින අතර, විටින් විට ජංගම දුරකථනයට සියලුම දෙනා ඝාතනය කර දමන බවට බරපතල වශයෙන් තර්ජනය කරන බවත් ඇය පැවසුවාය. මේ සම්බන්ධයෙන් කාන්තාව පොලිස්පතිවරයාටත් මිහින්තලය පොලිසියටත් පැමිණිලි කර ඇති අතර මිහින්තලය පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරික්‍ෂක රුක්මල් රත්නායක මහතගේ මූලිකත්වයෙන් එම නිවසට සන්නද්ධ පොලිස් නිලධාරින් දිවා රාත්‍රියේ සේවයට යොදවා ඇති බව ද ඇය පැවසුවාය.

No comments: