තම අනියම් බිරියව කැලෑවක් තුළට රැගෙන ගොස් තම මිතුරන් තිදෙනෙකු සමඟ එක්ව දූෂණය කළ බව කියන 24 හැවිරිදි පෙදරේරුවෙකු කල්පිටිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
අතවරයට පත් කාන්තාව හෙට්ටිපොල, හල්මිල්ලෑව, ධර්ම්පොල ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි තැනැත්තියකි. සැකකරු පෙදරේරුවෙකු ලෙස සේවය කිරීම සඳහා එම ප්‍රදේශයට ගිය අවස්ථාවේ මෙම කාන්තාව හඳුනාගෙන පසුව ඇයව කල්පිටිය ප්‍රදේශයට කැදවාගෙන පැමිණ ඇත.
ඊයේ (20 වනදා) පෙරවරු10.00 ට පමණ සැකකරු තම අනියම් බරිඳව කල්පිටිය සේතාවාඩිය ප්‍රදේශයේ කැලෑවකට රැගෙන ගොස් තම මිතුරන් තිදෙනෙකු ද සමඟ එක්ව ඇයව දූෂණය කර ඇත. පසුව අතවරයට පත් කාන්තාව විසින් මේ බව කල්පිටිය පොලිසියට පැමිණිලි කරමින් පවසා ඇත. ඇයගේ පැමිණිල්ලට අනුව ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගෙන ඇතත් සෙසු සැකකරුවන් පලාගොස් ඇත. කල්‍පිටිය පොලිසිය වැඩිදුර පරික්ෂණ පවත්වයි.
No comments:
Post a Comment