Tuesday, November 20, 2012
ලියාපදිංචි නොකළොත් ඉවතට
හැටන් දික්ඹය නගර සභාවේ ලියාපදිංචි නොකර හැටන් - දික්ඔය නගර සභා බල ප්‍රදේශය තුළ ධාවනය කරනු ලබන ත්‍රිරෝද රථ පරික්ෂාකර ඔවුන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට එම නගර සභාව මඟින් කටයුතු යොදා ඇත. හැටන් දික්ඹය නගර සභාපති රවින්ද්‍ර අලගමුත්තු නන්ද කුමාර මහතාගේ උපදෙස් මත එම නගර සභාවේ ආදායම් පරික්ෂක මහතා ප්‍රමුඛ නිලධාරින් පිරිසක් මෙම පරික්ෂණ සිදු කිරීමට කටයුතු යොදා ඇත. මේ පිළිබඳ කරන ලද විමසීමකදී අදහස් දැකවූ හැටන් දික්ඹය නගර සභාවේ සභාපති වරයා පවසන ලද්දේ හැටන් දික්ඔය බල ප්‍රදේශයේ ධාවනය කරනු ලබන සියලුම ත්‍රිරෝද රථ නගර සභාවේ ලියාපදිංචි කළ යුතු බවත් මේ පිළිබඳ එම ත්‍රිරෝද රථ හිමියන් අවස්ථා කිහිපයක දීම දැනුවත් කර ඇති බවත්ය.
Subscribe to:
Post Comments (Atom)

No comments:
Post a Comment