Wednesday, November 21, 2012

පුද්ගලික බස් වර්ජනයක පෙර නිමිති...........

                      අද (21 වනදා) පැවැත්වෙන තීරණාත්මක සාකච්ඡාවකින් පසුව බස්නාහිර පළාත තුළ බස් රථ වැඩ වර්ජනයක් සඳහා තීරණයක් ගන්නා බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසයි.
                        මාර්ගස්ථ මගී ප‍්‍රවාහන අධිකාරිය විසින් මාර්ග බලපත‍්‍ර ගාස්තුව ඉහල දැමීමට විරෝධය පළ කරමින් මෙම වර්ජනය පවත්වන බව ඔහු පවසයි. අසාධාරණ ලෙස පෞද්ගලික බස් රථ සේවකයන් පොලීසිය විසින් අත්අඩංගුවට ගැනීමට විරෝධය පළ කරමින් 120  බස් මාර්ගයේ පෞද්ගලික බස්  රථ අද (21 වනදා) වර්ජනයක් ආරම්භ කර තිබේ.
                       කෙසේ වෙතත් හොරණ - පිටකොටුව බස්  රථ මේ වර්ජනයට එක්ව නැතැයි ද පැවසේ.

No comments: