Tuesday, November 20, 2012
දැවී මියගිය මව සහ පුතුගේ මරණ පිළිබඳ සැකයක් !
කිරිඇල්ල
පොලිස් වසමට අයත් මුදුන්කොටුව ප්‍රදේශයේ නිවසක අද (20) අළුයම් කාලයේ හටගත්
ගින්නකින් එම නිවසේ නිදා සිටි මව හා දරුවකු ගින්නෙන් දැවී මියගොස් තිබේ.
මියගොස් ඇත්තේ අනූෂා නිලන්ති(32) සහ ඇගේ පුතු වන ගිහාන් කණිෂ්ක (08) ය. අද
අළුයම දෙකට පමණ මෙම නිවස ගිනි ගන්නා ආකාරය අසල නිවසක පුද්ගලයෙක් දැක
පොලිසියට දැනුම් දී තිබේ. පොලිසිය විසින් නිවසේ දොර කඩා බලන විට කාමරයක
ඇඳක් මත මව සහ පුතු දැවී මියගොස් සිටි ආකාරය සොයා ගෙන තිබේ.
මව තම පුතුගේ සිරුර වටා අත තබා ගෙන සිටින ඉරියව්වෙන්ම පිළිස්සී මියගොස්
සිටි බව සිද්ධිය ඇසින් දුටු අය පවසති. කිරිඇල්ල පොලිසිය පැමිණ නිවසට යාබද
ගරාජයේ තිබූ ත්‍රිරෝද රථයක් හා වෑන් රථයක් පරීක්ෂා කිරීමේ දී රථවාහන
ලියවිලි ,ඉඩම් ඔප්පු ,රුපියල් ලක්ෂ 15ක් පමණ වටිනා රන් ආභරණ, රුපියල්
20,000ක් පමණ මුදල් සහ ස්වාමියාගේ රෙදිපිලි සමග මියගිය කාන්තාව විසින් ලියා
තබන ලද ලිපි තුනක් ද පොලිසියට හමු වී ඇත. එම ලිපිවල සඳහන් වී ඇත්තේ මීට
මාස තුනකට පමණ පෙර සිරප් වර්ගයක් වැඩි ප්‍රමාණයක් පානය කිරීමෙන් මියගිය
ඇයගේ දරුවාගේ මරණය සම්බන්ධයෙන් ඇයට ඥාතීන් විසින් දොස් පැවරීම නිසා හටගත්
සිත් තැවුලින් දිවිනසා ගන්නා බවයි. රත්නපුර ප්‍රධාන මහේස්ත්‍රාත් චානිමා
විජේබණ්ඩාර මහත්මිය සිද්ධිය වූ ස්ථානයට පැමිණ මහේස්ත්‍රාත් පරීක්ෂණ පවත්වා
පශ්චාත් මරණ පරීක්ෂණ පැවැත්වීම සඳහා මළ සිරුරු රත්නපුර රෝහලේ මෘත ශරීරාගාරය
වෙත යවන ලෙස නියෝග කළාය.
Subscribe to:
Post Comments (Atom)

No comments:
Post a Comment