ගාල්ල හබරාදුව, දූව මලලගම ප්‍රදේශයේ ලැගුම් හලක නතරව සිටි බ්‍රිතාන්‍ය ජාතිකයෙකු සතු
ස්ටර්ලින් පවුම් 200 ක් සහ ජංගම දුරකථන 3ක් ඇතුළු රුපියල් ලක්ෂ ගණනක් වටිනා
දේපල සොරකම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් හබරාදූව පොලිසිය විසින් ඊයේ
(20 වනදා) පස්වරුවේ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරු ලඟ තිබී ස්ටර්ලින්
පවුම් 200 ත් ජංගම දුරකථන 3 ත් පොලිසිය විසින් සොයාගෙන ඇති අතර සැකකරුගෙන්
වැඩි දුර ප්‍රශ්ණ කිරීමේ දී ඔහු මාතලේ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවත් දූව
මලලගම ප්‍රදේශයේ සිටින තම පෙම්වතිය බැලීමට පැමිණ අවසන්ව සොරකම සිදුකර ඇති
බවටත් සැකකරු පොලිසියට පාපොච්චාරණය කර තිබේ.
No comments:
Post a Comment