ගාල්ල හබරාදූව, කතළුව, රන්වැල්ල විහාරස්ථානයේ හටගත් ගින්නෙන් ඊයේ (20 වනදා) අලුයම විනාශයට පත් වූ ‘ලංකාලෝක’ මුද්‍රණාලයේ ඉපැරණි මුද්‍රණ යන්ත්‍රය, සංරක්ෂණය කිරීමේ හැකියාව ඇතැයි ගාල්ල ජාතික කෞතුකාගාර පාලක මංජුල කරුණාතිලක මහතා පවසයි.
ඉකුත් දා රාත්‍රියේ හට ගත් ගින්නෙන් වූ විනාශය පිළිබඳ වාර්තාවක් ලබා දෙන්නැයි ජාතික උරුමයන් පිළිබඳ අමාත්‍යංශයේ ලේකම් නන්දා වික්‍රමසිංහ මහත්මිය විසින් ගාල්ල ජාතික කෞතුකාගාර පාලක වරයාට දැනුම් දී තිබිණ.
ඒ අනුව පෙරේදා රාත්‍රි කතළුව රන්වැල්ල විහාරස්තානයට ගිය ඒ මහතා ගින්නෙන් විනාශවූ මුද්‍රණ යන්ත්‍රය ඇතුළු උපකරණ පරික්ෂා කළේය. ඒ සම්බන්ධයෙන් අදහස් ප්‍රකාශ කළ කරුණාතිලක මහතා ගින්නෙන් විහාරස්ථානයට දැඩි ලෙස හානි ඇතිව තිබුණත් මුද්‍රණාලය සංරක්ෂණය කිරීමේ හැකියාව ජාතියේ වාසනාවකට ඉතිරි වී ඇතැයි පැවසීය.
No comments:
Post a Comment