Tuesday, November 20, 2012

ඇලජික් ලෙඩේ රට පුරා ව්‍යාප්ත වේ….. කඩාකප්පල්කාරී ක්‍රියාවක් ද….?

බලංගොඩ උඩගම මධ්‍ය මහා විදුහලේ සිසුන් සහ දෙමටගොඩ අනුරුද්ධ බාලිකා විදුහලේ සිසුවියන් පිරිසකට ඇඟ කැසීමේ අසාත්මික රෝගී තත්ත්වයන් මතු වීම හේතුවෙන් අද (20 වනදා) පෙරවරුවේ රෝහල්ගත කර තිබේ.
දෙමටගොඩ අනුරුද්ධ බාලිකා විදුහලේ සිසුවියන් දස දෙනෙකුට වැඩි පිරිසක් බොරැල්ල රිජ්වේ ආර්‍යා ළමා රෝහලට ද , උඩගම විදුහලේ සිසුන් 18 දෙනෙක් බලංගොඩ මූලික රෝහලට ද ඇතුළත් කර තිබේ. අවුරුදු 12- 13 වයස් කාණ්ඩවලට මෙම සිසුවියන් අයත් වෙති.
මෙම දරුවන්ට යුහුසුලුව ප්‍රතිකාර කිරීමට රෝහල් කාර්‍ය මණ්ඩලය සූදානමින් තබා ඇති බව එහි අධ්‍යක්ෂ වෛද්‍ය රත්නසිරි හේවගේ මහතා සඳහන් කළේය.
මේ අතර අද(20 වනදා) පෙරවරුවේ අම්පාර ගාමිණි මහ විදුහලේ 4 සහ 7 පංති වල සිසුන් 25 ක් ද අම්පාර මහ රෝහලට ඇතුල් කොට තිබේ. හදිසියේ ඇතිවූ අසාත්මිකතාවය මීට හේතුවී තිබේ‍. ඉන් 24 ක් බාහිර රෝගී අංශයෙන් ප්‍රතිකාර ලබාගෙන ඇති අතර දෙදෙනෙකු නේවාසිකව ද ප්‍රතිකාර ලබයි. මේ සමගම අද(20 වනදා) පෙරවරුවේ මිනුවන්ගොඩ මහ විදුහලේ සිසුන් 30 ක් ද මිනුවන්ගොඩ දිසා රෝහලට ඇතුල් කොට තිබේ. හදිසියේ ඇතිවූ අසාත්මිකතාවය මීට හේතුවී තිබේ‍.

No comments: