Tuesday, November 20, 2012

“රතු වැස්සේ” යකඩ ගොඩක්

රතු වැස්සේ ජල සාම්පල් වල තිබෙන යකඩ ප්‍රමාණය ඉතා ඉහළ මට්ටමක පවතින බව කරන ලද පර්යේෂණ මඟින් හෙළිව ඇත. සාමාන්‍යයෙන් වර්ෂා ජලයේ යකඩ කිසිසේත්ම අඩංගු නොවිය යුතු අතර මෙම රතු වැස්සේ මිලිලීටර් 01 ක ජලපරිමාවෙන් යකඩ ප්‍රතිශතය 4% ක් බවට හෙළිවී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කර සිටී. ඉන්දියාවේ කේරළ ප්‍රදේශයේ වසර 2001 දී ඇද හැලුණු වර්ෂාවෙත් යකඩ තිබී ඇත්තේ 2% කි. මේ තරම් විශාල යකඩ ප්‍රමාණයක් මෙහි අන්තරගතවීමට හේතුව කුමක්ද යන්න පිළිබඳව වෛද්‍ය පර්යේෂණ ආයතනයේ අවධානයට යොමුව ඇත. එම වර්ෂාව ලැබුණු සෙවණගල, මනම්පිටිය, හිඟුරක්ගොඩ සහ පදියතලාව යන ප්‍රදේශවල ජල මූලාශ්‍ර පරික්ෂා කිරීමට වෛද්‍ය වරුන් 6 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් යැවීමට කටයුතු කරන බව අමත්‍යාංශයේ ලේකම් වෛද්‍ය නිහාල් ජයතිලක මහතා සඳහන් කළේය.

No comments: