Wednesday, November 21, 2012

තවත් ‍ෆේ ස් බුක් අවනඩුවක් අම්බලන්ගොඩ පොලීසියෙන් කෙලවර වෙයි..

                      ගාල්ල අම්බලන්ගොඩ ප්‍රදේශයේ පැසැල් සිසුවියක් ෆේස් බුක් වෙබ්අඩවියෙන් හඳුනා‍ගත් තරුණයකු සමඟ හාද වී පැන යාමට උත්සාහ ගනිද්දී  අද (21 වනදා) පෙරවරුවේ  ප්‍රදේශවාසීන් සහ පොලිසිය මැදිහත් වීමෙන් වළක්වා ගැනීමට සමත් වී ඇත.
                        අද (21 වනදා) උදෑසන පාසලට එන බව දෙමාපියන්ට හඟවා නිල ඇඳුමින් පැමිණි සිසුවිය නිල ඇඳුම ගලවා බෑගයේ දමාගෙන තරුණයා සමඟ පැන යාමට උත්සාහ ගෙන ඇත. සිසුවිය අම්බලන්ගොඩ නගරයේ බාලිකා විදුහලක ඉගෙනුම ලබන දැරියකි. තරුණයා පිළියන්දල ප්‍රදේශයේ අයෙකි.
                         දීර්ඝ කාලයක් සිසු දැරිය සහ තරුණයා ෆේස් බුක් සමාජ ජාලය තුලින් හඳුනාගෙන දැඩි හාදකමක් ගොඩනගා ගෙන ඇති අතර ඔවුන් දෙදෙනා අද (21 වනදා) උදේ පැන යාමට තීරණය කර ගෙන තිබිණි.
                        තරුණයා පිළියන්දල ප්‍රදේශයේ සිට පැමිණ දෙදෙනා හමුවී ඇත. පොලිස් අත්අඩංගුවට ගත් තරුණයා විවාහ වී දැනට දික්කසාද නඩුවකට පැටලී සිටින්නකු බවද අනාවරණය වී ඇත. සැකකාර තරුණයා ස්ථිර රැකියාවක් නොමැති අයෙකු බවද ඔහු පවසා තිබේ.
                     ෆේ ස් බුක් වෙබ් අඩවිය මඟින් තරුණියන් හඳුනාගෙන හාදකම් පවත්වාගෙන යාම ඔහුගේ විනෝදාංශය බවද පොලිසිය අනාවරණය කර ගෙන ඇත.

No comments: