Wednesday, November 21, 2012

පස් කන්දකට සහ බිත්තියකට බිලි වූ ජීවිත දෙකක්....

    කහවත්ත වැල්අඳුර ප්‍රදේශයට  ඊයේ (20 වනදා) රාත්‍රී ඇද හැලුණු මහ වැස්සක් සමඟ නිවසක් මතට පස් කන්දක් කඩාවැටීම නිසා දෙදරු පියෙකු මියගොස් තිබේ.
                      රත්නපුර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකටම ඊයේ (20 වනදා) මහ වැසි ඇද හැලුණු අතර වැල්අඳුර ප්‍රදේශයට ද එම වර්ෂාව ඇඳ හැලුනි. මිය ගිය තැනැත්තා හා ඔහුගේ දරුවන් රාත්‍රී නිවසේ සිටියදී නිවසට ඉහළින් වූ පස් කන්ද හිටි හැටියේම කඩා වැටී තිබේ.
                         ප්‍රදේශවාසීන් එක් වී පස් කන්දට යටවූ පුද්ගලයා පිටතට ගෙන කහවත්ත මූලික රෝහලට ගෙන ගියද ඒ වන විටත් ඔහු මිය ගොස් තිබිණි .
                         මිය ගොස් ඇත්තේ ඒ. කේ අමරකොන් නැමැති 55 හැවිරිදි  පුද්ගලයෙකි. පශ්චාත් මරණ පරික්ෂණය කහවත්ත මූලික රෝහලේ දී පැවැත්වේ. මේ අතර නිවසක බිත්තියක් කඩා වැටීම නිසා ඊයේ (20 වනදා) රාත‍්‍රි වයස අවුරුදු 80ක් වන පුද්ගලයෙකු ද මිය ගොස් තිබේ . ඒ අම්බලන්තොට ,නෝනාගම උහවිටගොඩ ප‍්‍රදේශයේ පදිංචිව සිටි අයෙකි.

No comments: