Tuesday, November 20, 2012

තරුණියකට රෝහලේදී නිරුවත පෙන්වලා.......... සැකකරුට රු.25000 ක ශරීර ඇපයක්

ප්‍රතිකාර ලබා ගැනීම සඳහා කොළඹ ජාතික රෝහලට පැමිණි දහඅට හැවිරිදි තරුණියකට නිරුවත පෙන්වු බවට සැකකරන මොරටුව ප්‍රදේශයේ හැට හැවිරිදි පුද්ගලයකු රුපියල් විසිපන් දහසක ශරීර ඇපයක් මත මුදාහැරීමට මාලිගාකන්ද ප්‍රධාන මහේස්ත්‍රාත් එල්. ලියනආරච්චි මහත්මිය නියෝග කළාය. මෙසේ ඇප නියම වූයේ යූ. රත්නසිරි නැමැත්තකුටය.
ප්‍රතිකාර ගැනීම සඳහා කොළඹ ජාතික රෝහලට පැමිණි කාන්තාවකට නිරුවත පෙන්වීම සම්බන්ධයෙන් සැකකරු හා පැමිණිලිකාරියගේ මව අතර ඇති වූ බහින්බස් වීමක් දුරදිග ගොස් එම මව සැකකරුට පහරදී රෝහල් පොලිසියට භාරදී ඇතැයි පවසමින් එම සැකකරු මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරමින් මරදාන පොලිසිය අධිකරණයට දන්වා සිටියේය.
ඒ අවස්ථාවේ සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ආර්. රජිත ලක්මාල් මහතා අධිකරණය වෙත කරුණු දක්වමින් තම සේවාදායකයා අධික ලෙස දියවැඩියා රෝගයෙන් පෙළෙන අයෙක් බවත්, එයට ප්‍රතිකාර ලබා ගැනීමට ආ අවස්ථාවේ ඔහුට ක්ලාන්ත ගතියක් ඇතිවී බිම හිඳගෙන ඇති බවත්, නිරුවත පෙන්වීමේ සිද්ධියක් මෙහිදී සිදුවී නැති බව පවසමින් ඔහුට ඇප ලබාදෙන ලෙස ඉල්ලා සිටියේය.
නීතිඥවරයාගේ එම ඉල්ලීමට අනුව මහේස්ත්‍රාත්වරිය සැකකරුට ඉහත කී ලෙස ඇප නියම කළාය.
මරදාන පොලිසියේ උ.පො.ප. ශාන්ත කපිල මහතාගේ උපදෙස් මත පො.සැ. වර්ණසූරිය 30559, පො.කො. නිමල් (61038) යන මහත්වරු පැමිණිල්ල මෙහෙයවූහ.

No comments: