Tuesday, November 20, 2012

“පරණ රස්සාවට අවසර දෙන්න”- මංත්‍රී

ශ්‍රී ලංකාවේ ගණිකා වෘත්තිය නීතිගත කළ යුතු යැයි දකුණු පළාත් සභා මන්ත්‍රී (එ.ජ.නි.ස) මේජර් අජිත් ප්‍රසන්න මහතා අද (20) දකුණු පළාත් සභාව රැස්වූ අවස්ථාවේ දී ප්‍රකාශ කළේය. පසුගිය දිනවල තමා සහභාගී වූ කොරියානු හා ඉන්දුනීසියා සංචාරය ඇසුරින් මෙම යෝජනාව ඉදිරිපත් කිරීමට අදහස් කළ බවත් සෞඛ්‍යාරක්ෂක ක්‍රම අනුගමනය කරමින් ශ්‍රී ලංකාවේ ගණිකා වෘත්තිය නීති ගත කළ යුතු බවත් ඔහු කියා සිටියේය. දකුණු කොරියාවේ ගණිකා වෘත්තිය නීති ගත කර තිබෙන බවත් ඉන්දුනීසියාව මුස්ලිම් රටක් උවත් ගණිකාවන් අත්අඩංගුවට ගැනීමක් සිදුනොවන බවත් අජිත් ප්‍රසන්න මන්ත්‍රීවරයා සභාවට පෙන්වා දුන්නේය. සංචාරක ව්‍යාපාරය දියුණු කිරීමට නම් මුහුද හිරු එළිය සහ ලිංගිකත්වය අත්‍යාවශ්‍යව පවතින බවත් පැවසූ ඔහු දැනටමත් නිල නොවන අයුරින් ශ්‍රී ලංකාවේ 40,000 ක් සිටින බවද පැවසීය. මෙම කරන යෝජනාව පිළිබඳ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා දැනුවත් කරන්න. මුලසුනේ සිටි සභාපති සේමවංශ කෝදාගොඩ මහතා ඊට මෙසේ ප්‍රතිචාර දැක්වීය. ඔබතුමා මේ සංචාරයෙන් අත්දැකීම් ලබා ඇති බව පේනවා. ඔය විකාර මේ සභාවේ කියවන්න එපා.

No comments: