Tuesday, November 20, 2012
බදුල්ලේ කතුන් දෙදෙනෙකුට මහ දවල් ඇසිඩ් ගහලා
බදුල්ල
නගරයේ විහාරගොඩ බැංකුවක් ඉදිරියේ දී ඊයේ (19) දවල් ඇසිඩ් ප්‍රහාරකට ලක් වූ
කාන්තාවන් දෙදෙනෙක් බදුල්ල මහ රෝහලට ඇතුළත් කර ඇත. මෙම ප්‍රහාරයට ලක් වී
ඇත්තේ 50 හැවිරිදි කාන්තාවක් සහ ඇය සමග ගමන් කරමින් සිටි ඇගේ නෑනා කෙනෙක්
බව බදුල්ල පොලිසිය කියයි. ප්‍රහාරයට ලක් වූ එක් කාන්තාවකගේ සැමියා කලකට පෙර
මියගොස් ඇති අතර ඇසිඩ් ගැසූ සැකකරු ඇය සමග අනියම්
සම්බන්ධතාවක් පවත්වා ගෙන ගොස් ඇත.
පොළේ වෙළෙඳම් සඳහා නොයන ලෙසට සැකකරු කළ ඉල්ලීම නොසලකා හැරීමෙන් පසු ඇති වූ
විරසකයක් නිසා මෙම ඇසිඩ් ප්‍රහාරය එල්ල කර ඇති බව පොලිස් පරීක්ෂණවලින්
අනාවරණය වී ඇත. මෙම සිද්ධියෙන් පසු සැකකරු ප්‍රදේශයෙන් පළාගොස් ඇතැයි ද ඔහු
රන් වැඩපොළක සේවකයකු බවත් හෙළි වී ඇත.
Subscribe to:
Post Comments (Atom)

No comments:
Post a Comment