Tuesday, November 20, 2012
විශ්‍රාමික වතු අධිකාරි ඔහුගේ බිරිඳ සහ පුතා කපා කොටා මරලා
බුලත්සිංහල,
හල්වතුර වත්තේ පිහිටි නිවසක එකම පවුලේ මව,පියා සහ පුතා කපා,කොටා, මරා දමා
තිබියදී හමු වී තිබේ. අද (20) අළුයම් කාලයේ මෙම මළ සිරුරු තුන හමු වී ඇත.
මෙම සාහසික ඝාතන පිළිබඳ බුලත්සිංහල පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ. මෙසේ
ඝාතනය කර ඇත්තේ විශ්‍රාමික වතු අධිකාරිවරයකු වන එම්.ඒ.ප්‍රනාන්දු (95)
එච්.මැගිලින් (85) යන අඹුසැමි දෙපොළ සහ ඔවුන්ගේ පුත්‍රයා වන හෙක්ටර්
ධර්මසිරි (62) යන අයයි.
මියගිය ප්‍රනාන්දු මහතා හල්වතුර, සුධර්මාරාමයේ ප්‍රධාන දායකයෙක් ද වෙයි.
අද (20) පාන්දර මෙම නිවස පිහිටි වත්තට පාසල් සිසුවෙක් පැමිණ ඇත. ඒ ඔහුගේ
සුරතල් මසුන්ට කන්නට දීම සඳහා හබරල කොළයක් කපා ගෙන යන්නට ය. එවිට මෙම
සිසුවාට නිවස දෙසින් කෙඳිරි ගාන ශබ්දයක් ඇසී ඇත. ඔහු ගොස් බලන විට මෙම
බිහිසුණු දර්ශනය දැක තිබේ. ඉන් අනතරුව පොලිසියට සිද්ධිය අසල්වාසීන් විසින්
දැනුම් දී ඇත. ඉකුත්දා රාත්‍රියේ මෙම නිවසට යාබද නිවසක පාන්දර යාමය දක්වා
මගුල් ගෙදරක් තිබූ බවත් එහි තිබූ ශබ්ද විකාශන යන්ත්‍රවලින් ගීත විසුරුවා
හැරීම නිසා මෙම ත්‍රිත්ව ඝාතනය සිදුවන අවස්ථවේ එම නිවසින් නැගුන ශබ්ද
කිසිවක් අසල්වාසීන්ට ඇසී නැති බවත් පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.
Subscribe to:
Post Comments (Atom)

No comments:
Post a Comment