ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර තරග 2 කින් සමන්විත ටෙස්ට් ක්‍රිකට්
තරගාවලියේ ප්‍රථම තරගය අද (17 වනදා) ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට්
ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.
ශ්‍රී ලංකාවේ සුපිරි ආරම්භක පිතිකරුවා වන ටී.එම්.
ඩිල්ෂාන් එක්දින තරගාවලියේදී ඇතිවූ ආබාධය සම්පූර්ණයෙන්ම සුව නොවීම හේතුවෙන්
අද තරගයට ක්‍රීඩා නොකරන අතර නවක ආරම්භක පිතිකරු දිමුත් කරුණාරත්න කණ්ඩායමට
කැඳවා තිබේ.
වර්ෂාව නිසා පන්දු වාර 20 තරගය අත්හැර දැමීමට
සිදුවිය. එක්දින තරගාවලියේ ද සෑම තරගයකටම වර්ෂාව බාධාවක් විය. එක්දින තරග
5න් 2ක් වර්ෂාව නිසා තීරණයක් නොමැතිව නිමා වූ අතර ඉතිරි තරග 3ම ඩක්වර්ත් සහ
ලුවිස් න්‍යායට අනුව ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. අද ඇරඹෙන
ටෙස්ට් තරගයට ද වර්ෂාවෙන් බාධා ඇති වීමට බොහෝ දුරට ඉඩකඩ ඇති බව විචාරකයෝ
පවසති.
මේ අතර නවසීලන්ත කණ්ඩායම ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට
මුහුණ දීමට පුහුණු කිරීම සදහා හිටපු ශ්‍රී ලංකා වේග පන්දු යවන්නෙකු වන
චමින්ද වාස් තෝරා ගෙන ඇත. නායක මහේල ජයවර්ධන පවසන්නේ වාස් සමග තරගයක් තම
පන්දු යවන්නන්ට නොමැති බවයි.

No comments:
Post a Comment