Saturday, November 17, 2012

පාසල් දරුවන්ට ඇතිවූ අසාත්මිකතාව මහා ලොකු දෙයක් නොවේ - අධ්‍යාපන ඇමැති බන්දුල ගුණවර්ධන කියයි

පාසල් කීපයක දරුවන්ට ඇතිවූ අසාත්මිකතාවක් හේතුවෙන් පාසල්වල ඇතිවූ තත්ත්වය පිළිබඳ අධ්‍යාපන අමාත්‍යංශය ගනු ලබන ක්‍රියාමාර්ගය කුමක්ද යන්න පිළිබඳව අප අධ්‍යාපන ඇමැති බන්දුල ගුණවර්ධන මහතාගෙන් කළ විමසුමට ඔහු ප්‍රකාශ කළේ මේවා මහා ලොකු දේවල් නොවන බවත් මේවා සාමාන්‍යයෙන් සිදුවන බවත්ය.
සෞඛ්‍ය අමාත්‍යංශය හා එක්ව මේ පිළිබඳව වාර්තා ගෙන්වා ගැනීමට කටයුතු කර ඇති බවත් ලබන වසරේ සිට විශේෂ වැඩසටහන් පාසල් තුළ ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බවත් ඇමැතිවරයා සඳහන් කළේය.
දැනටමත් “සුව සවිය නැණ සවිය” කියන වැඩසටහන් පාසල් තුළ ක්‍රියාත්මක කර ඇති අතර ඒ හරහා දියවැඩියා රෝගය හා ඩෙංගු රෝගය මර්දනය සඳහා කටයුතු කරමින් සිටින බවත් ඇමැතිවරයා ප්‍රකාශ කළේය.

No comments: