Saturday, November 17, 2012

හොරෙන් ඕස්ට්‍රේලියාවට පනින්න හැදූ 104ක් හලාවත මුහුදේදී අත්අඩංගුවට

බහුදින ධීවර යාත්‍රාවක නැගී ඕස්ට්‍රේලියාව බලා අනවසරයෙන් යාත්‍රා කරමින් සිටි පුද්ගලයන් 104 දෙනෙකු නාවික හමුදාව හලාවත, තුඩුවාය මුහුදේදී ඊයේ (16) උදෑසන අත්අඩංගුවට ගෙන ඇත. මෙසේ අත්අඩංගුවට ගත් පිරිස මෝදර වරාය දක්වා ගෙනැවිත් ‍පොලිස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දීමට කටයුතු කළ බව නාවික හමුදා ප්‍රකාශක කොමාන්ඩර් කෝසල වර්ණකුලසූරිය පැවැසීය. අනවසර සංක්‍රමණිකයන් සමග ‘එකමුතු’ නමැති බහුදින ධීවර යාත්‍රාව මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ බටහිර නාවික විධානයේ වේග ප්‍රහාරක යාත්‍රාවක් මගින් බව නාවික හමුදාව සඳහන් කරයි.

No comments: