Monday, November 12, 2012

එස්. ටී. එෆ්. නියෝජ්‍ය පොලිස්පතිට තවත් ශෛල්‍යකර්මයක්

පසුගිය සිකුරාදා වැලිකඩ බන්ධනාගාර සිද්ධියේදී එල්ල වු වෙඩි පහරකින් බරපතල තුවාල ලැබූ පොලිස් විශේෂකාර්ය බලකායේ නියෝජ්‍ය පොලිස්පති චන්ද්‍රසිරි රණවක මහතා තව නොබෝ දිනකින් නැවතත් ශල්‍යකර්මයකට භාජනය කරන බව කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය ප්‍රසාද් ආරියවංශ මහතා සඳහන් කරයි.වෙඩි වැදීමෙන් ඒ මහතාගේ අක්මාවට සිදු වූ තුවාල සුව කිරීම සඳහා කළ ශල්‍ය කර්මය සාර්ථක වූ බවත් එම තුවාල සුව වූ පසුව ඔහුගේ අතේ හා බාහුව ශෛල්‍ය කර්මයකට භාජනය කිරීමට කටයුතු කරන බවත් රෝහල් අධ්‍යක්ෂකවරයා පවසයි. ඔහුගේ අතේ පහළ බාහුවේ අස්ථි බිදී ගොස් ඇති බැවින් එය ශල්‍යකර්මයක් මගින් යථා තත්ත්වයට පත් කිරීමට කටයුතු කෙරේ.

No comments: