Monday, November 12, 2012

හෙරොයින් කිලෝ දෙකක් සමග පකිස්තානුවෝ තිදෙනෙක් කොටු

බම්බපිටියේ ඇව්රෝ ලංකා හෝටලය ඉදිරිපිටදී රුපියල් ලක්ෂ 80ක් පමණ වටිනා හෙරොයින් කිලෝ දෙකක් සමග පකිස්තාන් ජාතිකයන් තිදෙනෙක් ඊයේ (11) සවස පොලිස් මත් ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන ඇත. සැකකරුවන් තිදෙනා අතරේ පාකිස්තානු කාන්තාවක්ද වෙයි. මොවුන් ළඟ තිබී සොයා ගන්නා ලද හෙරොයින් කිලෝ දෙක ගුලි දෙසීයක් වශයෙන් තිබී ඇත. ශ්‍රී ලාංකීය ජාවාරම්කරුට ‍හෙරොයින් තොගය අලෙවි කිරීමේ අරමුණින් රැඳී සිටියදී මත් ද්‍රව්‍ය නාශක කාර්‍යංශයේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙම පකිස්තානුවන් තිදෙනා නව වතාවක් ශ්‍රි ලංකාවට පැමිණ ඇති බව ඔවුන්ගේ ගුවන් ගමන් බලපත්‍ර පරීක්ෂා කිරීමේ දී පෙනී ගොස් තිබේ.

No comments: