Monday, November 12, 2012

කසල තේ කිලෝ ග්‍රෑම් 50,000ක් ඉරාකයට යවන්න පෙර අල්ලා ගනී

පොහොර ලෙස භාවිතයට ගත යුතු කසල තේ කිලෝ ග්‍රෑම් දහසය දහසක ප්‍රමාණයක් ඉරාකයේ බැග්ඩෑඩ් නුවරට අපනයනය කරන්නට සූදානම් කර තිබියදී පොලිස් විශේෂ කාර්‍ය බලකාය විසින් අද (12) සවස අත්අඩංගුවට ගත්තේය. අපනයනය කරන්නට සුදානම් වූ මුළු කසල තේ ප්‍රමාණය කිලෝ ග්‍රෑම් 50,000ක් බව අනාවරණය වී තිබේ. විශේෂ කාර්‍ය බලකා නිලධාරින් ගම්පහ, බෙම්මුල්ලේ පිහිටි ගොඩනැගිල්ලක් වටලන අවස්ථාවේ අඩි 40ක් දිග කන්ටේනරයක කසල තේ කිලෝ ග්‍රෑම් 16,000ක් අසුරා තිබී අත්අඩංගුවට ගෙන ඇත. ශ්‍රී ලංකාවේ අපනයන තේ කර්මාන්තය මුළුමනින්ම කඩාකප්පල් කිරීමේ වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක වෙමින් පවතින බව මේ අනුව පෙනී යන්නේ යැයි උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය. අත්අඩංගුවට ගත් සැකකරුවන් හතර දෙනෙක් වැඩිදුර පරීක්ෂණ කටයුතු සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දී තිබේ.

No comments: